නිරෝධායනය අවසන් කර නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු මහ මගදී ජීවිතක්ෂයට

නිරෝධායනය අවසන් කර නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු මහ මගදී ජීවිතක්ෂයට

නිරෝධායනය අවසන් කර නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පුත්තලම ප්‍රදේශයේ මාර්ගයක තිබී හමුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක පුද්ගලයෙකු බවයි.

පුත්තලම ප්‍රදේශයේ මාර්ගයක මළ සිරුරක් ඇති බවට පුත්තලම පොලිසියට ලද තොරතුරක් මත අදාළ පුද්ගලයා හඳුනාගත් බව මධ්‍යස්ථානය නිවේදනය කළා.

මෘත දේහය PCR පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කලේ.

Share this: