පුරාවිද්‍යා භූමියකට අනවසරයෙන් ඇතුළු වී වළ දැමූ නිධානයක් සෙවීමේ චෝදනාව මත සිකුරාදා (මාර්තු 31) අත්අඩංගුවට ගත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අප්‍රේල් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කරදියනාරු, මාවඩියොඩල් ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියකට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකු සහ බෞද්ධ භික්ෂුවක් සිකුරාදා සවස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් වළ දමා ඇති නිධානයක් සඳහා භූමිය පරීක්ෂා කරමින් සිට ඇත.
Share this: