නිදහස්-සාධාරණ ඡන්ද සටනක් පැවතීම ජනතා ජයග්‍රහණයක්

නිදහස්-සාධාරණ ඡන්ද සටනක් පැවතීම ජනතා ජයග්‍රහණයක්

ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමීව පවත්වාගෙන යාමට හැකිවීම රටේත්, ජනතාවගේත් ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම ප්‍රජාතන්ත්‍රවාදය රටේ තහවුරු කිරීමට හැකිවූයේ පසුගිය කාලයේ දී රජය කළ පුළුල් දේශපාලන ප්‍රති සංශෝධන නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙරටට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු අක්ත පත්‍ර පිළිගැනීමේ අවස්ථාවට ඊයේ (4) පෙරවරුවේ එක්වෙමින් හෙතෙම මෙසේ කීය.

ලෙබනන් ජනරජය, නයිජීරියාව සහ යුරෝපීය සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙක් ඊයේ පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්‍ර පිළිගැන්වූහ.

Share this: