නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැඟිල්ල සිසු අයිතියට

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැඟිල්ල සිසු අයිතියට

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ නව ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැඟිල්ල සහ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත්කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි. 
 
රුපියල් ලක්ෂ 1200 ක් වැය කරමින් සියලූ පහසුකම්වලින් සමන්විතව මෙම නේවාසිකාගාර ගොඩනැඟිල්ල ඉදිකර ඇති අතර  නව ක්‍රීඩා සංකීර්ණයද අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස ඉදිකර ඇත.
 
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ නිසි බලධාරි මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්ද සිල්වා, උපකුලපති ආචාර්ය කොබින්දරාජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ඡායාරූප –  සුදත් සිල්වා
Share this: