“නැකත් සීට්ටුව” ජනාධිපති වෙත

“නැකත් සීට්ටුව” ජනාධිපති වෙත

චාරිත්‍ර වාරිත්‍ර අනුව යමින් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් වගුව වන “නැකත් සීට්ටුව” අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අලුත් අවුරුදු උදාව, ආගමික වතාවත් සඳහා පුණ්‍යකාලය, ලිප දැල්වීම, පළමු ආහාර පිසීම, පළමු ආහාර වේල සහ තෙල් ගෑමට හා පිටත්ව යන වේලාව සඳහන් කරන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට අදාළ නැකැත් වැඩ සඳහා ‘නැකත් සීට්ටුව’ ඇතුළත් වේ.

Share this: