රාශි චක්‍ර යෙදීමෙන්ම පෘතිවිය කේන්ද්‍ර කර සමකය වටා අහස කොටස් 27 කට බෙදූවිට ලැබෙන කොටසට නැකැත් යැයි කියයි. එනම් එක නැකතක් (constellation) අංශක 13’20 (අංශක 13 කලා 20) ක් වේ. ඒවා නම්,
- අස්විද
- බෙරණ
- කැති
- රෙහෙණ
- මුවසිරිස
- අද
- පුනාවස
- පුස
- අස්ලිය
- මා
- පුවපල්
- උත්‍රපල්
- හත
- සිත
- සා
- විසා
- අනුර
- දෙට
- මුල
- පුවසල
- උත්‍රසල
- සුවන
- දෙනට
- සියාවස
- පුවපුටුප
- උත්‍රපුටුප
- රේවතී
විශේෂ අවස්ථා වලදී උත්‍රසල සහ සුවණ නැකත අතර අභිජිත් නම් නැකතක් ද පවතින බව සලකයි. විශේෂ අවස්ථා වලදී මේ අභිජිත් නැකතත් සමග මුළු නැකැත් සංඛ්‍යාව 28 ක් ලෙස ගණන් ගැනේ. වේදීය හා ඊට පෙර කාලයේ අභිජිත් නැකත භාවිතා විය. දැනට එම නැකත විනාශ වී ඇති බවට මතයක් ඇත. එහෙත් සමහර නැකැත් අවස්ථා වලදී මේ නැකත අවශ්‍ය වන අවස්ථා ද ඇති නිසා භාවිතයෙන් සම්පූර්ණයෙන් ඈත් වී නොමැත. උදාහරණයක් ලෙස සර්වතෝභද්‍ර චක්‍රය ඇදීමේදී මේ නැකතද භාවිතා කිරීම දැක්විය හැක. මෙසේ අහස්තලය කොටස් වලට වෙන්කිරීමේදී ඒ ඒ ස්ථාන වල සිටින තරු වල නාමයන් මෙසේ නැකැත් නාමයන් ලෙස යෙදේ. දැනට රේවතී නම් නැකැත් තරුව සත්‍ය වශයෙන් නොපිහිටා ඇති බවත් එහි ආලෝකය පමණක් අපට දිස්වෙන බවත් තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි. කෙසේ වුවද නැකතක් යනු තරුවකට යෙදෙන නමක් නොව අහස් තලය සමාන කොටස් 27 කට බෙදා වෙන්කිරීමේදී යම් යම් ප්‍රදේශ වෙන් කිරීමට යොදන ලද නාමයක් පමණක් බව සිතන්න.

එක නැකතක් සමාන කොටස් හතරකට බෙදූවිට එයට එකි පාදය යැයි කියයි. ඒ අනුව රාශි චක්‍රය සමාන කොටස් 108 කට (27 * 4) බෙදීමෙන් එක් නැකැත් පාදයක් ලැබේ. මේ එක් පාදයක් අංශක තුනයි කලා විස්සක් වේ. රාශියකට අංශක 30ක් ඇති නිසා එක් රාශියකට නැකැත් පාද 9 ක් අයත් වේ. ඉහත රූපසටහනේන් නැකැත් සහ රාශි බෙදීම බලාගත හැක.