ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉටු කරනවාසේම බරපතල ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය මෙරටට ඒම වැලැක්වීමේ පුළුල් වගකීම නාවික හමුදාවට පැවරෙන බවයි.
ඊයේ (28) ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නව සාගරික විද්‍යා පීඨ ගොඩනැඟිලි සංකීර්ණය විවෘව කිරිමේ අවස්ථාවට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
තවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය ගලවා ගැනිම සඳහා විශාල වගකීමක් නාවික හමුදාව වෙත පැවරී ඇති බවයි.
විවිධ ජාවාරම්කරුවන්ගෙන් වෙරළ සංරක්ෂණ ප්‍රදේශ ආරක්ෂා කර ගැනිමද අද ගැටලුවක් බවට පත්වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදි පැවසිය.
Share this: