මේ රටේ මීළඟ අගමැතිවරයා විය යුත්තේ කවුදැයි ඇසූ විට මර්වින් සිල්වා මහතා ඊට සුදුසුම හා මෙම දේශපාලන භූමියේ සිටින එකම ප්‍රඥාවන්තයා වන රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු යැයි කියා සිටියේය.
තමන්ට මහමැතිවරණය සඳහා නාමයෝජනා නොලැබීම ගැන දැඩි වේදනාවක් ඇති බවත්, ඊට මුල් වුයේ තණ්හා, රති, රඟා තිදෙනා බවත්, එනම් මහින්ද, බැසිල් හා ගෝඨාභය යන කණ්ඩායම යැයි හෙතෙම පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා මීට පෙර කර ඇති ප්‍රකාශ හා සැසඳීමේදී මෙවැනි ප්‍රකාශයක් ඔහු සම්බන්ධයෙන් කිවහැකිදැයි අසද්දී මර්වින් සිල්වා මහතා පැවසුවේ තමන් පවසන්නේ දැන් පවත්නා තත්ත්වය අනූව බවයි.
Share this: