නාමල් උඩුගම ඉන්දියාවේ සිට නැවත දිවයිනට

නාමල් උඩුගම ඉන්දියාවේ සිට නැවත දිවයිනට

පසුගිය දිනවල ඉතාමත් අසාද්‍ය තත්වයේ සිටිය, ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු ජනප්‍රිය ගායන ශීල්පී නාමල් උඩුගම මේ වන විට ඉතා හොඳ සුවයක් ලබා තිබෙන බව වාර්තාවේ.

තවද, ඔහු මීට දෙමසකට පෙරාතුව දරුණු අක්මාරෝගී තත්ත්වයකට මුහුණ දී බරපතල ශල්‍යකර්මයකට ලක් කෙරුණි.

මේවන විට සුවය ලබා සිටින නාමල් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් කියා සිටියේ.

“ දැන් සෑහෙන්න සුවයි. ක්ලීනික් වලට සහභාගි වෙනවා. 99%ක්ම සුවයි. ඒ නිසා දැන් මම බොන බෙහෙත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරනවා. මම ප්‍රතිකාර ලැබුවේ ඉන්දියාවේ ග්ලෝබල් රෝහලේ. දැන් ඉන්දියාවට ඇවිත් මාස තුනකට කිට්ටුයි. ඔපරේෂන් එක කරලා පසුගිය 27වෙනිදා ට මාස දෙක සම්පූර්ණ වුණා. ලබන මාසෙ නැවත ලංකාවට එන්න බලාපොරොත්තු වෙන් තමයි ඉන්නේ.“

“මේ වනවිට මාව රෝහලින් ඩිස්චාර්ජ් කරලා තියෙන්නේ. මම දැන් මගේ ඉන්දියානු මිතුරකුගේ නිවෙසේ තමයි නතරව ඉන්නේ. මොකද මම මාසයකට කීපවරක් වෛද්‍ය සායන සඳහා සහභාගි විය යුතුයි. වෛද්‍ය උපදෙස් අනූව කටයුතු කළ යුතුයි. ඒ වගේම මට සම්පූර්ණයෙන්ම සුව වී මා බොන බෙහෙත් ප්‍රමාණය අඩු කරන තෙක් මගේ වෛද්‍යවරුන් මට ලංකාවට එන්න අවසර දෙන්නේ නැහැ. බොහෝ වෙලාවට මෙවර වෛද්‍ය සායනයෙන් අනතුරුව ඔවුන් මට ලංකාවට එන්න උපදෙස් දේවි.“

නාමල්ගේ සැත්කමත් සමඟ මේ වන විට ‍ලක්ෂ 175කට වැඩි මුදලක් වැය වී තිබේ. එම මුදල් සොයා ගැනීඹට සහාය ලබා දුන් සැමට ද නාමල් හදවතින්ම ස්තූතිවන්ත වන බව ප්‍රකාශ කාලහ.

Share this: