නාමල්ගේ රුමේනියා දූත මණ්ඩලය

නාමල්ගේ රුමේනියා දූත මණ්ඩලය

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඒ අනුව රුමේනියාවේ දූත මණ්ඩලයක් පිහිටුවීමට අදාළ අභියෝග සම්බන්ධයෙන් එම කමිටුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් ප්‍රශ්න කර තිබේ.

එම රටේ සිටින ශ්‍රී ලාංකික ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ගත් විට ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති නිසා අපහසුතාවයන් රැසක් සිදුවන බව කමිටුවේ අදහස වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

රුමේනියාවේ දූත මණ්ඩලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති අතර තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

Share this: