නාමල්ගෙන් කාරුණික ඉල්ලීමක්

නාමල්ගෙන් කාරුණික ඉල්ලීමක්

ජනප්‍රිය ගායක නාමල් උඩුගම පෙරේදා(05) යළි දිවයිනට පැමිණියේ, දරුණු අක්මාරෝගී තත්ත්වයකට පාත්‍ර වී, බරපතල ශල්‍යකර්මයකට මුහුණදීමෙන් පසුවයි.

මීට මාස 02 කට පෙර ඔහු මුහුණ දි සිටි රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට ඉන්දියාව බලා පිටත්ව යන ලදි.

තවද සහෝදර ගායක ගායිකාවන් පිරිසක් නාමල් උඩුගම දිවයිනට පැමිණි අවස්ථාවේදී පිළිගැනිමට කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියහ.

ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වැරදි ඇබ්බැහිවීම්වලට යොමු වී ජීවිත අකාලයේ විනාශ කර නොගන්නැයි නාමල් උඩුගම මෙහිදී තරුණයින්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

තවද ඔහු ගුවන් තොටුපලේදී “සමුගන්නේ නැහැ” ගීතය ගායනා කල අතර, තමාගේ රෝගය සුව කර ගැනිමට උදවු උපකාර කළ සහ අශිවාර්ද කළ සැමටත් සිය කෘතඥතාව පල කිරිමට අමතක නොකළේය.

Share this: