මැතිවරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණයේදී තරඟ කිරිමේ අපේක්ෂාවකින් තොරව වෙනත් දේශපාලන පක්ෂ වලට හෝ අපේක්ෂයන්ට සහය දැක්විම සඳහා කිසිදු අපේක්ෂකයෙකු නාම යෝජනා බාරදීම සිදුනොකළ යුතු බවයි.
මෙම නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ දෙපාර්තමේන්තුව මෙම අදහස් පල කර තිබේ.
තරඟ කරන යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන මැතිවරණ ප්‍රචාරක කාර්යාල වෙනත් පක්ෂ වෙනුවෙන් හෝ වෙනත් පක්ෂ අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ නොහැකි බවද එම නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙයි.
තවද යම් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන අපේක්ෂකයන්ට වෙනත් පක්ෂයක හෝ කණ්ඩායම් වල ඡන්දපොළ නියෝජිතයන් හෝ ඡන්ද ගණන් කිරිමේ නියෝජිතයන් ලෙස කටයුතු කළ නොහැකි බවද සඳහන්ය.
Share this: