නානුඔය ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

නානුඔය ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල ප්‍රදේශයේදි ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් අද (06) සිදු වු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

ලොරි රථයේ රියදුරා හා රිය සහායකවරයා මෙසේ තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර තිබේ.

ඒරාවුර් ප්‍රදේශයේ සිට බගවන්තලාව ප්‍රදේශයට සහල් තොගයක් රැගෙන යමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර අධික බෑවුම් සහිත මාර්ග කොටසේදි රියදුරාට ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන උඩුකුරුව ප්‍රපාතයට පෙරළී ගොස් තිබු අතර ප්‍රවාහනය කරමින් තිබුණු සහල් කිලෝ 50 හා 25 ඇසුරුම් මිටි 400 ක තොගයද හානියට ලක්ව තිබිණි.

නානුඔය පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Share this: