නාගරික සංවර්ධන සැමට වීවෘතයි – නි.ඇමති දුනේෂ්

නාගරික සංවර්ධන සැමට වීවෘතයි – නි.ඇමති දුනේෂ්

පසුගිය රජය සමයේ, එදා එකාධිපති පාලනයක් පැවති නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු නාගරික සංවර්ධන අමාත්‍යාංශය මේවන විට පක්‍ෂ විපක්‍ෂ දේපාලඥයන් මෙන්ම පොදු ජනතාවට විවෘත ස්ථානයක් බවට පත්ව ඇති බව නාගරික සංවර්ධන ජලසම්පාදන ජලාපවහන නියොජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

ඔව්හු මේ බව පැවසුවේ ඊයේ (20) බත්තරමුල්ල කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

තවද ඔව්හු, පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය හා එම අමාත්‍යංශය පසුගිය ආණ්ඩුව පාලනය කළ අවධියේ ඔවුන්, කිසිවෙකුට කන් නොදෙන එකාධිපති පාලනයක් තිබු බවයි.

පිඩාවට පත්වන ජනතාව ගැන අබමල් රේණුවක සැලකිල්ලක් නොදැක්වු ඔවුන්, සංවර්ධනය යනු තම සිතැගි ඒ පරිදෙන් ක‍්‍රියාවට නැගිම යැයි සිතු බව ඔහු පැවසිය.

තවද අමාත්‍යවරයා ප‍්‍රශ්න කර සිටියේ, ඒ වෙනුවෙන් කතා කිරීමට පවා අඩුතරමින් මහජන නියෝජිතයෙකුට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ, නිලධාරියේ නිලධාරියෙකුටවත් අවස්ථාවක් නොතිබු අතර එසේම සංවර්ධන කටයුතුවලට අදාල මහජන නියොජිතයෙකුටවත් අදහස් උදහස් දැක්විමට ඉඩ නොදිම ඒකාධිපති වියරුවක් නොවේ දැයි යන්නය.

Share this: