නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් රංජිත් ප්‍රනාන්දු මහතා සහ අධ්‍යක‍්ෂ ජනරාල් ලෙස නයන මාවිල්මඩ මහතා, නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් පත් කර ඇත.
පසුගිය සමයේ මෙරට සංවර්ධන ක්ෂේත්‍රයේ වැඩිපුරම අවධානයට ලක් වූ ආයතනයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හැඳින්විය හැකිය. පසුගිය කාල පරිච්ඡේදයේ නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලැබූ සංවර්ධන වැඩසටහන් හා යෝජිත සංවර්ධන වැඩසටහන්, නව රජය යටතේ විනිවිදභාවයකින් යුක්තව සොයා බලා ජනතා හිතවාදී අයුරින් නව සංවර්ධන ප්‍රවේශයකින් ක්‍රියාත්මක කිරීමට අභිනවයෙන් පත් වූ මෙම නව සභාපතිවරයා සහ අධ්‍යකෂ ජනරාල්වරයා වැඩ ආරම්භ කරමින් ප්‍රතිඥා දී තිබේ.
නව සභාපති ලෙස පත්වූ රංජිත් ප්‍රනාන්දු මහතා, ලංකා විශ්ව විද්‍යාලයේ නීතිඥ විභාගය මෙන්ම ඇටර්නි විභාගය ද සමත්ව ඇති අතර, වරලත් ගණකාධිකාරීවරයෙකු, ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙසත්, ලෝක බැංකුව හා ආසියානු බැංකුව යන ආයතනවල විශේඥ උපදේශකයෙකු ලෙසත් ඉන්දියාවේ අයි.සී.සී.අයි. බැංකුවේ අධ්‍යක‍්ෂවරයෙකු ලෙසත්, කැම්බෝඩියාවේ සුළු ණය දෙන බැංකුවේ සභාපතිවරයා ලෙසත්, දෙස් විදෙස් බැංකු ක්ෂ්ත්‍රයන් ගණනාවක විධායක තනතුරු හොබවා ඇති ඒ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස වරක් කටයුතු කර ඇත. තවද පුද්ගලික අංශයේ සභාපති හා අධ්‍යක‍්ෂක ධූරයන් ගණනාවක් ද හොබවා ඇත.
නව අධ්‍යක‍්ෂ ජනරාල් ලෙස පත්වූ නයන මාවිල්මඩ මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ නාගරික සංවර්ධන විශේඥවරයෙකු සහ උපදේශකයෙකු ලෙස ඉහල නිලතල හොබවා නායකත්වය ලබා දෙමින් නාගරික සංවර්ධනය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් ලෙස කටයුතු කර නව නගර සැලසුම් හා සංවර්ධන ක්‍රියාවළිය පිළිබද අද්දැකීම් රාශියක් ලබා ඇත. ඒ මහතා ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියත්, ඇමරිකාවේ ඵෂඔ ආයතනයේ නගර සැලසුම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද එසේම ඇමරිකාවේ හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යාව පිළිබඳ උපාධිය ද හදාරා ඇත. ඒ මහතා, මහා පරිමාණ නගර නිර්මාණ ව්‍යාපෘති හැසිරවීමේ හා කළමනාකරණය කිරීමේ මනා අත්දැකීම් ඇති විශේෂඥයෙකු ලෙසත්, රටවල් 15 ක පමණ ව්‍යාපෘති කළමණාකරණය සහ යටිතල පහසුකම් පිළිබඳ මනා අත්දැකීම් ද සහිත උපදේශකයෙකු ලෙසත් මොරටුව විශ්ව විද්‍යාලයේ නගර නිර්මාණය පිළිබඳ බාහිර කථීකාචාර්ය වරයෙකු ලෙසත් කටයුතු කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියට සම්බන්ධවීමට පෙර යෝර්ක් ස්ටී්‍රට් පාර්ට්නර් ආයෝජන උපදේශක ආයතනයේ කළමණාකරණ අධ්‍යක‍්ෂ ලෙසත්, සංවර්ධන උපදේශන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කර තිබීම විශේෂත්වයකි