න්ජන්ට ඇප – විදෙස් ගමන් තහනම්

න්ජන්ට ඇප – විදෙස් ගමන් තහනම්

රන්ජන්ට එරෙහිව චෝදනා 6ක්

-බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (05 වැනිදා) සවස නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය.

එසේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක්ද අධිකරණයෙන් පනවනු ලැබිණි.

බලපත‍්‍ර නොමැතිව නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබාගැනීම, පුපුරන ද්‍රව්‍ය පනත යටතේ මිලිමීටර් නවය පිස්තෝලවලට යොදන ජීව උණ්ඩ 127 ක් තබාගැනීම, රාජ්‍ය විරෝධී කි‍්‍රයා සිදුකිරීම, උසස් පොලිස් නිලධාරීන් සමඟ දුරකථනයෙන් රහස් සාකච්ඡුා පැවැත්වීම ඇතුළු චෝදනා 6 ක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘‘දිවයින’’ ට පැවැසීය.

රන්ජන් රාමනායක මහතා පෙරේදා (04 වැනිදා) රාත‍්‍රි මාදිවෙල පිහිටි නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු නුගේගොඩ, පාගොඩ පාරේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට රැුගෙන විත් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළ බවද හෙතෙම කීය.

මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ උදුල් පේ‍්‍රමරත්න මහතා මෙම ගිනිඅවිය බලපත‍්‍රයක් නොමැති ගිනි අවියක් වුවත් එය ඇප ලබාදිය හැකි වරදක් බවත්, එම නිසා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

සැකකාර නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා හා උප පොලිස් පරීක්‍ෂක හේමන්ත කුමාර යන මහත්වරුන් අධිකරණය හමුවේ කියා සිටියේ මන්ත‍්‍රීවරයා භාවිත කළ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලය බලපත‍්‍ර රහිත එකක් බවත්, ඒ සඳහා යොදන උණ්ඩ 127 ට අමතරව තවත් ජීව උණ්ඩ 23 ක් තිිබිය යුතු බවත්ය.

එම ජීව උණ්ඩ යොදාගෙන මොහු යම්කිසි අපරාධ සිදුකර තිබේද? එසේම මොහුට මෙම ජීව උණ්ඩ ලැබුණේ කෙසේද? කුමක් සඳහාද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකළ යුතු බවත්, මොහු ඇප මත මුදාහැරියහොත් පොලිස් පරීක්‍ෂණවලට බාධා එල්ල විය හැකි බවත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් නීතිඥ උදුල් පේ‍්‍රමරත්න, නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන්ද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා මහතා සමඟ උප පොලිස් පරීක්‍ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන් මෙන්ඩිස් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට අධිකරණයෙන් ඇප ලැබී පිටතට පැමිණීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම, හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත‍්‍රීවරුන් ඔහුට සුබපතනු දැකගත හැකි විය.

Share this: