නව සභාපතිවරුන් සහ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරේ

නව සභාපතිවරුන් සහ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරේ

පුරපාඩු වී ඇති, ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජික් ලිමිටඩ්, රක්නා ආරක්ෂක ලිමිටඩ්, රණවිරු සේවා අධිකාරිය සහ විදුලි සංදේශ කොමිසන් සභාව යන ආයතන සදහා නව සභාපතිවරුන් සහ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරින.

ඊට අදාළ පත්වීම් ලිපි ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පිළිගැන්විනි.

ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජික් ලිමිටඩ් ආයතනයේ නව සභාපති ලෙස අංසක දොඩංවෙල, රක්නා ආරක්ෂක ලිමිටඩ් ආයතනයේ සභාපති ලෙස වික්ටර් සමරවීර, විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කේ.එම්. පරාක්‍රම රාජ් කරුණාරත්න, ‍ රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පී.ජී. නිල්මිණි පෙරේරා මහත්මිය, ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජික් ලිමිටඩ් ආයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස උදය අබේසේකර, අසේල ඉද්දවෙල, රූබන් වික්‍රමාරච්චි, සශිමාල් දිසානායාක යන මහත්වරුන් පත් කර ඇත.

රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ජයන්ත ධනපාල, ඒ.ඒ. වික්‍රමසිංහ, ධර්මසේන හපුතන්ත්‍රි, සරත් ජයතිලක යන මහත්වරුන් පත් කර ඇති අතර, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ඩබ්.පී. නිමල් ප්‍රනාන්දු, සිරිමල් වී. සිල්වා යන මහත්වරුන් ද පත්වීම් ලැබීය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක යන මහත්වරුන් ද සහභාගී වූහ.

Share this: