නියෝජ්ය මාණ්ඩලික ප්රධානී ලෙස පත් කරනු ලැබූ ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා බ්රහස්පතින්දා (0/07/20194) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී පැවති සරල උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබිනි.
නව නියෝජ්ය මාණ්ඩලික ප්රධානීතුමන් ආගමික වතාවත් මධ්යයේ සම්ප්රදායානුකුලව නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගනු ලැබිණි. නව නියෝජ්ය මාණ්ඩලික ප්රධානී තනතුරට පත්වීමට ප්රථම එතුමන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස රාජකාරී කටයුතු සිදු කර ඇත.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්රධාන මාණ්ඩලික, විධායක ජෙනරාල්, යුද සේවා ලේකම්, මූල්ය කළමණාකරණ අධ්යක්ෂ ජෙනරාල්, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ පුහුණු අධ්යක්ෂ ජෙනරාල් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.
Share this: