නව මැතිවරණ ක්‍රමය ඉතා හොදයි

නව මැතිවරණ ක්‍රමය ඉතා හොදයි

යාපනය හිටපු දිසාපති ලයනල් ප්‍රනාන්දු මහතා පවසන්නේ, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් උතුරේ ජනතාව තුළ සංහිඳියාව වර්ධනය කළ හැකි බවයි.

අද (28)කොළඹ දී කැෆේ සංවිධානය විසින් සංවිධානය කල “20 සම්මත කරමු – මනාප ක්‍රමයට තිත තියමු” යන මැයෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනු අතර, ඒ මහතා මේ බව සඳහන් කළේ මෙම මාධ්‍ය හමුව අමතමිනි.

තවද, එහිදී අදහස් දැක්වු ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ වර්ෂ 1977 ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් මෙරට පරිපාලන සේවය උඩු යටිකුරු වී ගිය බවයි.

මේ නිසා නැවත ඕනෑම ජාතියක ඕනෑම කුලයක ඕනෑම අයෙකුට මැතිවරණයක් පිළිබදව නිදහසේ සිතීමට අවස්ථාවක් නව මැතිවරණ සංශෝධන තුළින් හිමි වන බව වඩිදුරටත් ඒ මහතා පැවසිය.

Share this: