නව මැතිවරණ ක්‍රමයක්

නව මැතිවරණ ක්‍රමයක්

නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුනේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනව් ඊයේ(22) පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වු අතර තුරදිය.

තවද, අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවි ඇති අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටද නියමිත බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී සඳහන් කළේය.

Share this: