මේ වන විට තම පක්ෂයෙන් පුරප්පාඩු වී ඇති පළාත් සභා මන්ත්‍රීධුර සඳහා නව මන්ත්‍රීවරුන් පත් කිරීමට පියවර ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා සඳහන් කළේ පළාත් කිහිපයක නම් මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාලයට ලබාදී ඇති අතර, පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමෙන්තුවට තේරිපත් වීම හේතුවෙන් පළාත් සභාවල පුරප්පාඩු වන මන්ත්‍රීධුර සදහා නව මන්ත්‍රීවරුන් පත් කරන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබුණු බවයි.
ඒ අනුව එක්සනත් ජාතික පක්ෂයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුර සඳහා මනාප ලැයිස්තුවේ අනුපිළිවෙළට නව පත් කිරීම් සිදු කරන බව කබීර් හෂිම් අමාත්‍යවරයා තවදුරතත්, අදහස් දක්වමින් සඳහන් කළේය.
Share this: