නවසීලන්ත නැවත වරක් ලංකාවට එරෙහිව ජය සමරයි.

නවසීලන්ත නැවත වරක් ලංකාවට එරෙහිව ජය සමරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක තරඟය ආරම්භ කරමින් ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟය අද පැවැත්වුණු අතර එහිදි නවසීලන්ත කණ්ඩායම තරඟයේ ජය හිමිකර ගැනීමට සමත් වී තීබේ.

එහිදී කාසියේ වාසියේ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 331ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී ගුප්ටිල් ලකුණු 49ටත්, මැකලම් ලකුණු 65ටත් දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි කේන් විලියම්සන් ලකුණු 57ක් ලබාගත්තේය.

මීට අමතරව කොරේ ඇන්ඩර්සන් පන්දු 46දී වේගවත් ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවිවේදී ලසිත් මාලිංග පන්දුවාර 10 අවසාන කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 84ක් ලබාදෙමින් එකදු කඩුල්ලක් හෝ දවා නොගමිනි.

ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර පන්දුවාර 8දී ලකුණු 78ක් ලබාදුන් අතර ඔහු තරඟයේ අවසාන පන්දුවාරයේ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

අදළ ලකුණු ප්‍රමාණය හබායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුයේ සියලුම කඩුලු දැවී ලකුණු 233ක් පමණය.

එහිදී අගනා පිතිහරඹයක නිරත වු ළහිරු තිරිමාන්න ලකුණු 65ක් ලබා ගත්තේය.

Share this: