නවසීලන්ත අගමැති ලබන සතියේ ලංකාවේ නිල චාරිකාවක

නවසීලන්ත අගමැති ලබන සතියේ ලංකාවේ නිල චාරිකාවක

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන සතියේ දී ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරතවන බව එරට අගමැති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පෙබරවාරි 24වනදා සිට 26වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය.

එම කාලය තුළ දී ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහලපෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කරනු ලැබේ. ඊට අමතරව ඔහු මෙරට ව්‍යාපිරික ප්‍රජාව සමඟ ද සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිත අතර එහිදී නවසීලන්තයේ පවතින ආයෝජන අවස්ථා හදුන්වා දීමට ද සූදානමින් සිටියි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සමඟ එරට ව්‍යාපාරික දූත පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

2015 වර්ෂයේ දී ඩොලර් මිලියන 324ක් වූ ශ්‍රී ලංකා – නවසීලන්ත ව්‍යාපාරික හුවමාරුව මෙම වසරේ දී තවත් ඉහළ නංවා ගැනීමට ද අපේක්‍ෂා කෙරේ.

නවසීලන්ත අගමැතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ දෙවැනි වරටය. ඔහු මීට පෙර 2013 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා පැමිණ තිබේ.

මධ්‍යම පාන්තික රටක් ලෙස පැවැති ශ්‍රී ලංකාව මේවන විට ඉන් ඔබ්බට වේගයෙන් ගමන් කරමින් සිටියි. එබැවින් එම තත්ත්වය නවසීලන්ත ව්‍යාපාරික ප්‍රජාවට විශාල අවස්ථාවක් වනු ඇති බවට ද විශ්වාස කරයි. එසේම යුද්ධය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ඇදෙන රාජ්‍යයන් අතරට ද එක්ව ඇති බව නවසීලන්ත අගමැතිවරයා හඳුන්වා දී ඇත.

කෙළෙම පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ විධායක කමිටු රැස්වීමක මුලසුන සඳහා ද මෙම සංචාරයේ දී නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සහභාගී වේ.

Share this: