නවසීලන්තය තරගාවලි ජය උදුරා ගනියි

නවසීලන්තය තරගාවලි ජය උදුරා ගනියි

පළමු තරගයේ මෙන්ම ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදුවු අත්වැරදීම් සමගින් කදිම වාසියක් ලබාගත් නවසීලන්ත පිල පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03 දා* පැවැති දෙවැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 04 ක ජයක් ලබා ගත්තේය. ඒ අනූව තරගාවලියේ ජය කලින්ම 2-0 වශයෙන් වෙන් කරගත් නවසීලන්තය පිට පිටම තෙවැනි වරටත් විස්සයි විස්ස තරගාවලියක් ජය ගත්තේය.

අවසන් පන්දුවාරය දක්වා ශ‍්‍රී ලංකාව තරගය ඇදගෙන ගියද නිරෝෂන් දික්වැල්ලගේ කකුල් දෙක අතරින් හතරේ පහරක් යෑම, ළහිරු මධුෂංක ලිස්සා වැටීමෙන් උඩපන්දුව අතහැරීම සහ එමගින් එක ලකුණු දෙක වී සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු සියය ඉක්මවා යෑම, දසුන් ශානක ඇතුළු පන්දු රකින්නන් අතරින් නවතාලිය හැකි ලකුණු 10 කට ආසන්න සංඛ්‍යාවක් නවසීලන්තයට එකතුවීම යන කරුණු මුල් කර ගනිමින් ශ‍්‍රී ලංකාව පරාජයට තල්ලූ විය. ඒ අතරවාරයේදී ප‍්‍රධානතම පන්දු යවන්නකු වන ඉසුරු උදානගේ පන්දුවාරයක් ඉතිරිවීම සහ අවසන් පන්දුවාරයේදී සිදුවු අවසානාවන්ත ගැටීමෙන් උඩපන්දුව අතහැරීම එය ලකුණු හයක් බවට පරිවර්තනය වීමද ශ‍්‍රී ලංකා පරාජයේ ප‍්‍රධානතම සාධක විය.

අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු හතක් නවසීලන්තයට අවශ්‍යව තිබියදී තීරණාත්මක පන්දුවාරය අතට ගත් වනි\ු හසරංග පළමු පන්දුවෙන්ම බෲස්ව දුවද්දී දවා ගත් අතර දෙවැනි පන්දුවෙන් ඩාර්ලි මිචෙල්ව දවා ගත්තේය. අනතුරුව සැනට්නර් ගැසු පහර ඞීප් මිඞ්විකට් හී සිටි ෂෙහාන් ජයසුරිය රැුක ගනිද්දී අනෙක් අන්තයේ සිට දුව ආ කුසල් මෙන්ඩිස් ඔහුගේ ඇගේ වැදීමෙන් ජයසූරියගේ සමබරතාව ගිලිහී ඔහු බිම ඇද වැටුණි. එය ලකුණු හයක් බවට පත්වීමත් සමග තරගය සම විය. මෙන්ඩිස් සහ ජයසුරිය දෙදෙනා ගැටීමෙන් ඔවුන් දෙදෙනාම ආබාධයකට ලක්වු අතර ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රාහී බලාපොරොත්තුවද එම ගැටීමත් සමග කෙළවර විය.

වසරක් ඇතුළත පිට පිටම විස්සයි විස්ස තරග හතක් පරාජයට පත්වූ ශී‍්‍ර ලංකාව ඒ අතරතුර කාලයේදී නවසීලන්තය හමුවේ දෙවැනි වරටත් විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත්විය. 2018 වසරේදී දකුණු අප‍්‍රිකාව පරාජය කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා පිළිවෙලින් එංගලන්තය (1-0*, නවසීලන්තය (1-0*, දකුණු අප‍්‍රිකාව (3-0* සහ යළිත් නවසීලන්තය (2-0* විස්සයි විස්ස තරගාවලි පරාජයට පත්විය.

පන්දු 120 කදී ලකුණු 162 ක ජයග‍්‍රාහී පිම්මකට සැරසුන නවසීලන්ත පිල මාලිංග විසින් යවන ලද පළමු පන්දු වාරයේදී ලකුණු 14 ක් උදුරා ගත් අතර ඉන් ලකුණු හතරක් ෆයින් ලෙග් හී සිටි දික්වැල්ලගේ කකුල් දෙක අතරින් රිංගා ගියේය. පන්දු නවයකදී ලකුණු 19 ක්ව තිබු නවසීලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස කොලින් මුන්රෝ දවා ගැනීමට අකිල ධනංජය සමත් විය.

නවසීලන්ත පිලේ පළමු කඩුලූ තුනේම අයිතිකරුවා වූ අකිල සෙල්ෆර්ට් සහ කුග්ලෙජින්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ශ‍්‍රී ලංකාව ඔසවා තැබුවද සිව්වැනි කඩුල්ලට ග‍්‍රෑන්ඞ්හෝම් සහ බෲස් එක්ව ගොඩ නැගූ ලකුණු 109 ක සබඳතාවයෙන් යළි පීඩනය ශ‍්‍රී ලංකාව වෙත කරකැවුණි. ග‍්‍රෑන්ඞ්හොම් සහ බෲස්ගේ පිති ප‍්‍රහාරය හමුවේ පන්දු 72 කදී නවසීලන්ත ඉනිමේ ලකුණු 100 සම්පූර්ණ විය. එම සබඳතාව බිද දැමීමට අකිල ධනංජයට තිබු හැකියාව මිඞ් විකට් හී සිෙ උඩපන්දුව රැුක ගැනීමට පැමිණි ළහිරු මධුෂංක ලිස්සා වැටීමෙන් අහිමිව ගියේය. අනතුරුව ඉසුරු උදාන යැවු 19 වැනි පන්දුවාරයේදී ග‍්‍රෑන්ඞ්හෝම් පන්දු 46 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 59 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වන විට නවසීලන්තය ජයග‍්‍රහණය පෙනෙන තෙක් මානයට ළගා වී තිබුණි.

වේලාසනම ක‍්‍රීඩාංගණයට පැමිණි ශ‍්‍රී ලංකා පිල පුහුණුව අරඹද්දි නායක ලසිත් මාලිංග තණතීරුව අතපතගාමින් කළ යුත්තේ කුමක්ද යන්න වටහා ගත්තද පන්දු රකින්නන් පෙර තරගයේදී මෙන්ම මෙම තරගයේදීද ශ‍්‍රී ලංකා පරාජයේ ප‍්‍රධානතම සාධකය විය. මාලිංග පළමුව පිති ප‍්‍රහාරය තෝරා ගනිද්දී මෙන්ඩිස් සහ පෙරේරා පළමු කඩුල්ලට පන්දු 30 කදී ලකුණු 34 ක සබඳතාවක් එක් කළේය. එහිදී වේගවත් වූ කුසල් මෙන්ඩිස් ඞීප් මිඞ්විකට් සහ ස්කුවාලෙග් දෙසින් එල්ල කළ දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් පන්දු 24 කදී ලකුණු 26 ක් ලබා පළමු කඩුල්ලට පිටියෙන් ඉවත් විය. රාන්ස් විසින් වේගය අඩාල කරමින් යැවු පන්දුවේ උගුලට මෙන්ඩිස් හසුවුයේ ඔහු ගැසු පහර මිඞ් ඕෆ් ක‍්‍රීඩකයාට පහසු උඩපන්දුවක් වීමෙනි.

ඊයේ මන්දගාමී ස්වරූපයකින් පිති ප‍්‍රහාරයේ යෙදුණු කුසල් පෙරේරා පන්දු 10 කදී ලකුණු 11 කට දැවී ගිය අතර ඔහු අවසන් විස්සයි විස්ස ඉනිම හතරේදීම ලබා ඇත්තේ ලකුණු 48 ක් පමණි. අංක තුන පිතිකරුවා වශයෙන් පැමිණි අවිශ්ක ගුණවර්ධන සහ අංක හතර පිතිකරුවා වූ නිරෝෂන් දික්වැල්ල ශ‍්‍රී ලංකා ඉනිමේ ඉහළම සබඳතාව වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා පන්දු 44 කදී ලකුණු 68 ක් එක් කරමින් ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කිරීමට වගබලා ගත්තේය. එම සබඳතාව හේතුවෙන් පන්දු 77 කදී ශ‍්‍රී ලංකාව ලකුණු 100 සම්පූර්ණ කළ අතර අනතුරුව ඉතිරි ලකුණු 61 ලබා ගැනීම සඳහා පන්දු 43 ක් වැය වුණි.

පළමු තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායම් දෙකේම එක් වෙනස්කමක් පමණක් සිදු කළ අතර එහිදී නවසීලන්තයේ රෝස් ටේලර් ආබාධයක් හේතුවෙන් විවේක ගන්වා තිබුණි. ශ‍්‍රී ලංකා වේග පන්දු යවන කසුන් රාජිතව බංකුවේ තබමින් ලක්ෂාන් සඳකැන්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිකර තිබුණේ දඟ පන්දු යවන්නන් දෙදෙනකුගෙන් ශ‍්‍රී ලංකා පන්දු යැවීමේ බර කරමිනි. එහිදී දඟ පන්දු යවන්නන් දෙදෙනාම සිය යුතුකම මැනවින් ඉටු කර තිබුණේ ඔවුන් යැවු පන්දුවාර අට තුළදී ලකුණු 52 ක් ලබාදී කඩුලූ තුනක් දවා ගනිමිනි.

මෙම තරගයේදී මෙන්ඩිස්, ජයසුරිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් ආබාධයට ලක්වෙද්දී නවසීලන්ත පිලේ මාටින් ගප්ටිල්ද ආබාධයකට ලක්වීමෙන් පිති ප‍්‍රහාරයෙන් වැලකී සිටියේය. දෙරට අතර අවසන් විස්සයි විස්ස තරගය ලබන සිකුරාදා පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

Share this: