නවසීලන්තය ගාල්ලේ වාඩුව කොළඹදී පිරිමසා ගනී

නවසීලන්තය ගාල්ලේ වාඩුව කොළඹදී පිරිමසා ගනී

ලෝක ටෙස්ට් ශ්‍රේණියේ පියවරක් ඉදිරියට යෑමට සහ නවසීලන්තයට එරෙහිව තරගාවලියක් ජය ගැනීමට මාන බලමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින් දෙරට අතර කි‍්‍රයාත්මක වු දෙවැනි තරගය ඉනිමකින් සහ ලකුණු 65කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (26 වැනිදා) සමත් විය. එ් අනුව අදාළ තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට නවසීලන්තය සමත් වීම මත ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි දෙවැනි ස්ථනය තවදුරටත් රැක ගැනීමට ඔවුනට හැකිවූ අතර ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියෙහි ප‍්‍රසාද ලකුණු 60ක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකාව සමග සම තැන් ගැනීමටද සමත් වූහ.

පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී ලකුණු 187ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට එකදු ලකුණක් හෝ එකතු වීමට පෙරාතුව ළහිරු තිරිමාන්න පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත පන්දු රකින්නෝ සමත් වූහ. පළමු පන්දුවාරයේදීම නොතිබූ ලකුණක් කරා දිවයමින් සිටි තිරිමාන්නගේ අන්තයට හරියටම පන්දුව දමා ගැසූ අජේස් පටේල් ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩල්ල ගලවා දැමීය. දිමුත් කරුණාරත්න පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ආරම්භක පිතිකරු ස්ථානයට උසස්වීම් ලද කුසල් ජනිත් පෙරේරාට ඊයේ කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි විය. තරගයේ 3 වැනි පන්දුවාරය කි‍්‍රයාත්මක කරමින් සිටි ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින බීජේ වොට්ලින් අතට උඩපන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යද්දී ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට එකතු වී තිබුණේ ලකුණු 4ක් පමණි. එ් අනුව මෙම තරගයේ ඉනිම් දෙකෙහිම කිසිදු ලකුණක් ලබා ගැනීමට කුසල් ජනිත් පෙරේරා අසමත් විය.

පළමු පෙළ බිඳ වැටීමෙන් ඇති වූ පීඩනයත් සමග පිති ප‍්‍රහාරය ඇරඹූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබා ගැනීමට වඩා කඩුල්ලේ රැුඳී සිටීමට උත්සාහ දරණ ආකාරයක් දක්නට ලැබිණි. එ් අනුව පන්දු 30කට මුහුණ දී ලකුණු 7ක් ලබා සිටි මැතිව්ස් දවා ගැනීමට කොලින් ග‍්‍රෑන්ඞ්හෝම් සහ රෝස් ටේලර් සමත් වූහ. පළමු ඉනිමේ ශතකයක් වාර්තා කළ ධනංජයද සිල්වා 01 ලකුණකට පිටියෙන් ඉවත් කළ අජේස් පටේල් ශී‍්‍ර ලංකාව පරාජය දෙසට තල්ලූකර දමන්නට සමත් විය.

ඉනිමක පරාජයකින් බේරීම සඳහා කඩුල්ල රැුක ගැනීමේ මහත් වෙහෙසක් දරමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 20ක් ලබා සිටිදී ඉනිමේ 5 වැනි කඩල්ල ලෙසින් දැවී යද්දී ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ලකුණු 32ක් ලෙසින් සටහන් වී තිබිණි. අනතුරුව පැමිණි ශී‍්‍ර ලංකා පිතිකරුවන් එක පිට එක කඩුලූ පූජා කරද්දී හුදෙකළා සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ල එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ සටනක නියැලී සිටියේය. එහිදී මිනිත්තු 211ක් පුරා පන්දු 161කදී සිය සටන්කාමි පිති හරඹය දියත් කළ දික්වැල්ල තමාගේ 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර හතරේ පහර 6ක් එම ඉනිමට ඇතුළත් විය.

ඊයේ මැද පෙළින් ශී‍්‍ර ලංකා ඉනිම ශක්තිමත් කළ දිමුත් කරුණරත්න පන්දු 70ක් පුරා පිටියේ රැුඳී සිටිමින් නවසීලන්තයේ ජයග‍්‍රහණය පමා කිරීමට සමත් විය. මුලූ ලකුණු 73දී ශී‍්‍ර ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් කරුණාරත්න පිටියෙන් ඉවත් කිරීමට ටිම් සවුති සමත් වෙදිදී ඔහු ලකුණු 21ක් ලබා සිටි යේය. ගරා වැටුණු ශී‍්‍ර ලංකා ඉනිමට පසුපෙළින් මුක්කු ගැසූ සුරංග ලක්මාල් පන්දු 45ක් පුරා කඩුල්ල රැුක ගනිමින් එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යද්දී දික්වැල්ල සමග එක්ව ලකුණු 40ක සබඳතාවක් පවත්වා තිබුණු අතර එය ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේ හොඳම කඩුලූ සම්බන්ධතාව බවට වාර්තා විය.

සිව්වැනි දිනය අවසන් වන විටදී කඩලූ 5ක් දැවී ලකුණු 382ක් ලබා සිටි නවසීලන්තය ඊයේ දිනයේදී තවත් පන්දුවාර 5ක් පන්දුවට පහර දෙමින් ලකුණු පුවරුව 431දක්වා ඉහළ දමා ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහිදී සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ බීජේ වොට්ලින් නොදැවී ලකුණු 105කින් නවසීලන්ත ඉනිම වර්ණවත් කළේය.

Share this: