හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අසනීප තත්ත්වයක් හේතුවෙන් දින 3ක විවේකයක් ගත යුතු බවට වෛද්‍ය වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) ඉදිරිපත් කෙරිණි.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කළ අවස්ථාවේදී ඇයට නීති විරෝධී විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට ප්‍රකාශ කළහ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ දිනයේ අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව ඔවුන් දැනුම් දුන්නා.
ඇයට දින 3ක විවේකයක් ලබා දෙන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දුන් බවට වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන විනිසුරු ප්‍රසන්න අල්වෙස් මහතා නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
Share this: