තම ශ්‍රමය, කාලය කැප කරමින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී නගර අලංකාර කිරීමේ නිරතව සිටින තරුණ තරුණියන්ට රාජ්‍ය මට්ටමින් සම්මාන ප්රදානය කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිළුමිණට පැවසීය. කාලෝචිත මෙන්ම ප්රියජනක චිත්‍ර රැසක් මේ තරුණ-තරුණියන් විසින් ඇඳ ඇති ආකාරය තමා දුටු බවත්, ඔවුන් අගය කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඔහු අවධාරණය කළේය.
මේ සම්මාන ප්රදානය සඳහා කමිටුවක් පත් කරන බවත්, එය ඉතා ඉක්මනින් පැවැත්වීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බවත් අග්රාමාත්යවරයා සඳහන් කළේය.
Share this: