මින් පෙර අප ගයාන් සඳරුවන් ගැන බොහෝ අවස්ථා වල කථා කලේ ඔහුගේ දක්ෂතාවයක්, තරග ජයග්‍රහනයක්, අනතුරක් ගැන හෝ අබාධයක් ගැනය. එයට හේතුව ශ්‍රී ලංකා යතුරු පැදි ධාවන තරඟ ඉතිහාසය තුල නොමැකෙන ලෙස තම නම සටහන් කල ධාවකයින් අල්ප දෙනා අතරින්, ඔහු ඉදිරියෙන්ම සිටින ධාවකයෙක් නිසාය. එය වඩාත් සනාථ කල හැකි සාධකයක් වනුයේ දශකයකට අාසන්න කාලයක් තුල ඔහු ලබා ගත් ජයග්‍රහණ ගොන්න අතර ජාතික ශූරතා කිරුළු නවයක් තිබීමය.ඉන් වසර හයක් පිට පිටම ශූරතා කිරුළ තමන් සතු කර ගැනීමට තරම් හ්‍ේ දක්ෂයෙක් විය. නමුත් අද අප සටහන තබන්නේ ඔහුගේ එම දක්ෂතා ගැන නොවේ. ඔහුට විද්ද මල්සරාගේ හීය ගැනය..
අද(31) පැවති කටුකුරුන්ද සර්කිට් මීට් 2015 මොටර් රථ ධාවන තරගයට නිලධාරීයෙක් ලෙස සහභාගී වූ ගයාන්ගේ මුහුණ වෙනදාට නොතිබෙන තරම් චමත්කාරයකින්, උද්යෝගයකින් හා සතුටකින් පීරී තිබුණා. ඔහු ලගින්ම වාඩි වී සිටි සුරූපි යෙහෙළිය එයට හේතුව බව දැන ගැනීමට අපට වැඩි වෙලාවක් ගත වූයේ නැත. යෙහෙළියක් කීවාට අැය නිකම්ම නිකම් යෙහෙළියක් පමනක් නොව ඔහුගේ අනාගත ජිවිත සහකාරිය වන බව තතු දන්නෝ පැවසූහ. එම සුන්දර අවස්ථාව සැළලිහිණි කැමරාවේ සටහන් වූයේ මෙලෙසිණි.
ඔබ දෙපලට කපුටා හා සැළලිහිණි වෙබ් අඩවි ජාලවල සුභ පැතුම් !.