ධර්මාපාල තුමන්ගේ දර්ශනයේ වැදගත් කම ඉහළ යනවා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ධර්මාපාල තුමන්ගේ දර්ශනයේ වැදගත් කම ඉහළ යනවා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, වර්තමාන සමාජය වේගයෙන් පරිහානියට ලක්වන මිනිසුන්ගේ ගති ලක්ෂණ සමග අනගාරික ධර්මාපාල තුමන්ගේ දර්ශනයේ වැදගත් කම ඉහළ යන බවයි.

මෙහිදී, ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල සතිය අදින් අවසන් වූවද ලබන වසරේ මෙම සතිය සමරන තෙක් එම ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යායුතු බවයි.

බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ අනාගතය සඳහා අනගාරික ධර්මාපල දැක්ම නම් වූ සංවාදයට එක් වෙමින් ජනාධිපති සිරිසේන මහතා මේ බව සදහන් කළේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්වුනු අතර, මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ නීති ශක්තිමත් කර මත්ද්‍රව්‍ය පාලනය, නිවාරණය සහ මර්දනය වෙනුවෙන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

තවද, සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමකවරුන්ගේ සංගමයේ 64 වන සංවත්සර උත්සවය කෙළඹ නව නගර ශාලාවේදී පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

තවදුරත් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ නිලධාරින් වශයෙන් බලතල භාවිත කිරීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා ඉවත් කිරීමට ද පියවර ගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ රජයට ආදායම් ගෙන දෙන ආයතන වෙත කතාකර ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටීමට තමා කටයුතු නොකරන බවයි.

Share this: