නඩු විභාගය මාධ්‍ය වෙත අනාවරණය නොකරන ලෙස පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ චානක සේනාරත්න,
“ලේඛනවලද පරස්පර විරෝධීතාවයක් තියෙනවා. ඔවුන් මාධ්‍ය කැඳවන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. ඔවුන් කියනවා මාධ්‍යවේදීන් නැතුව නඩුව කැඳවන්න කියලා. මේකේ ඇත්ත තත්ත්වය හැමෝටම දැනගන්න ඕනේ අපි කියලා තියෙන්නේ.
ඔහුට මේ තියෙන තත්ත්වය නිසාවෙන් මේ නඩුවෙන් ලේසියෙන් ගළවගන්න පුළුවන් වෙයි. මේක ගොඩක් බරපතළ නැති නිසා, හිඩැස් තියෙන්න තියෙන්න පුළුවන් නිසා. ඒ අයට මේක තේරුම් ගියොත් මේ නඩුව ඔවුන් ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.”
Share this: