ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 දක්වා කල් තබා තිබේ.
ඊයේ (12) සිඩ්නි නුවර ඩව්නිං සෙන්ටර් උසාවියේ පැවති නඩු විභාගයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
සිඩ්නි නුවර නැගෙනහිර රෝස් බේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේදී ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 6 වැනිදා සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඩොලර් 200,000 ක මුදල් ඇපයක් මත දින 11 ක් පාර්ක්ලීහී රැඳවුම් මධ්‍යස්ථානයේ ගත කිරීමෙන් පසු 2022 නොවැම්බර් 17 වැනිදා ධනුෂ්ක ගුණතිලක නිදහස් විය.
Share this: