දොස්තරවරු සටනින් පරදී – ජනපති සොයුරු මරුට..

දොස්තරවරු සටනින් පරදී – ජනපති සොයුරු මරුට..

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  සොයුරු රජරට බිල්ඩර්ස් අධිපති බුද්ධදාස  ප්‍රියන්ත සිරිසේන (42) මහතා  සාහසිකයෙකුගේ පොරෝ පහරකින් හිසට තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහළක ප්‍රථිකාර ලබමින් සිටියදී  අද අළුයම මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ පොලොන්නරුවේ හතරවෙනි ඇලේදී  ඔහු  මෙම ප්‍රහාරයට ලක් විය. ඔහුට පහර දුන්නැයි සැකපිට ඔහුගේ හොඳම මිතුරෙකු පොලිස් අත් අඩංගුවට පත් විය.

දෙදෙනා අතර පැවති ආරවුලක් මෙයට හේතුව බව දැනගන්නට  අැත.

Share this: