පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
විශ‍්‍රාමික යුද හමුදා බි‍්‍රගේඩියර් කේ.අතුල එච්.ද සිල්වා, ෂෙනාලි ඞී.වඩුගේ සහ ජෙහාන් හමීඞ් යන මහත්ම මහත්මීන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත සහ නීතිපතිවරයා නම් කරමිනි.
Share this: