ජගත් මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා පවසන්නේ ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශ්වාසදායි දේශීය පරීක්ෂණයක් සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය ලබාදෙන බවයි.
තවද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත හෙතෙම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා,උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන්,උතුරේ ආණ්ඩුකාර එච්.එම්.ජී.එස් පළිහක්කාර යන ආදී මෙරට නායකයින් බොහෝ පිරිසක් සමග හමුවී සාකච්ඡා කරන ලදී.
සිව්දින නිල සංචාරය නිමාකරමින් අද (03)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් ජෙෆ්රි ෆෙල්ට්මන් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සහය ශ්‍රී ලංකාවට නොඅඩුවම ලැබෙන බවයි.
Share this: