දේශීය ආහාර නිෂ්පාදනයට ජනපතිගෙන් උපදෙස්.

දේශීය ආහාර නිෂ්පාදනයට ජනපතිගෙන් උපදෙස්.

අපට උරුම දේශීය ආහාර සංස්කෘතිය යළි රට තුළ ප්‍රචලිත කරමින් විධිමත් දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකට රට ගෙන යන බවත්,රටේ වගා කළ හැකි එහෙත් පිට රටින් ගෙන්වන සියලු ආහාර ද්‍රව්‍ය නතර කර දමා රට ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවත් දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන පිළිබඳව ඊයේ(20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.
රුපියල් බිලියන 154ක පමණ මුදලක් පිටරටින් ගෙන්වන ආහාර සඳහා වැයවන බවද, එම ආහාර වර්ග 34න් 30 ක් ම මෙරට නිෂ්පාදනය කල හැකි බවද හෙතෙම පෙන්වාදුන්නේය.
පෞද්ගලික අංශයේ සියලු දෙනා එක කරගනිමින් නිසි සැලැස්මක් සහිතව වසර තුනක් ඇතුලත මෙම අරමුණු වලට ලගා වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් පැවසීය.

Share this: