දැනට මේ පවතින ක්‍රමයෙන් ඈත වී, සෑම අංශයක්ම දේශපාලනය මත රඳා නොපවතින ස්වාධීනව ක්‍රියාත්මක වන යුගයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තවද, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජයීය සහ යටිතලපහසුකම් වැනි බොහෝ අවශ්‍යතාවන් වලදී දේශපාලනඥයන් පිටුපස ගොස් එම අවශ්‍යතා ඉටුකරගැනීමේ ක්‍රම වේදයක් මේ වන විට රට තුළ ගොඩ නැගී තිබෙන වාතාවරණයක් දක්නට ඇති බවයි.
මුදල්, සම්පත් සහ වෙනත් පහසුකම් අවශ්‍යතාව මත සෑම ජනකොටසකටම බෙදී යායුතු බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධාරණය කරයි.
ඊයේ, පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දි අලුත් පරපුර සංවිධානය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කර ඇත.
මේ අතර පසුගිය ආණ්ඩුව සමයේ නවතා දැමු කලාකරුවන් සහ වෘතිකයන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළ යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.