නව ව්‍යවස්ථාව සම්මත කර ගත් වු විගස සියළු ආයතන දේශපාලන ඇගිලි ගැසීම් තොර නිදහස් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර පැවැති උත්සවයක් අමතමිනි. අධිකරණය, පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය, අල්ලස් කොමිසම, නිතිපති දෙපාර්තමේන්තුව වැනි සියළුම රාජ්‍ය ආයතන දේශපාලන ඇගිලි ගැසීම් වලින් නිදහස් කරන බව අමාත්‍යවරයා පැවසිය.
දේශපාලනඥයාට කියන්න බැ නඩු තීන්දුව මෙසේ ලබා දෙන්න කියා කීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඉල්ලීමක් කළ හැකිය.
එම ඉල්ලීම කෙසේ වෙතත් රාජ්‍ය සේවකයාට අයිතිය ලැබෙනවා නිවැරදි ක්‍රියාමාර්ගය ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා පැවසිය. එවැනි වටාපිටවක් නිර්මාණය කිරීමෙන් රටක් දියුණු වන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
Share this: