දේශපාන වේදිකාවේ අදහස් දැක්වූවාට සංජීව තුයකොන්ත අසාදු ලේඛනගත කරයි

දේශපාන වේදිකාවේ අදහස් දැක්වූවාට සංජීව තුයකොන්ත අසාදු ලේඛනගත කරයි

තමා අසාදු ලේඛනගත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් සංජීව තුයකොන්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවේ තම මතය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම අසාදු ලේඛනගත කිරීම සිදුවූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෞරවය කඩකර නොමැති බවද ප්‍රකාශ කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාපති, එහි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Share this: