නව පක්ෂයක් බිහිවීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේ ය.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ කළුතර, බෝඹුවල ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනි.
වැඩි දුර අදහස් දැක්වූ එතුමා..
“අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නේ නැහැ. ඒ හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයාට නිතරම කියනවා. ටීවි එකේ දැක්කානේ. අපි හොද ශ්‍රී ලංකා කාරයෝ අපි කඩන්නේ නැහැ කියලා. නමුත් අද පුද්ගලයා වටා තමයි සෙනග ඒකරාශී වෙලා තියෙන්නේ. අපි යන යන තැන මහජනතාව කියන්නේ කුමාර මහත්තයා දැන් අලුත් පක්ෂයක් හදනවා නේද කවදා ද හදන්නේ මහින්ද මහත්තයා නේද නායකයා. මේ ඔක්කෝම බලාගෙන ඉන්නේ ඡන්දයක් තියෙනකම් දැන් නම් මටත් ආරංචි හැටියට දැන් නම් පක්ෂයක් හදන බවනම් මට තේරෙනවා.”
Share this: