දෙයියන්ටවත් ආරක්ෂා කරන්න බැරි සල්ලි!

දෙයියන්ටවත් ආරක්ෂා කරන්න බැරි සල්ලි!

සබරගමුව මහා සමන් දේවාලයේ ගබඩාවට ඇතුළු වූ සොරුන් පිරිසක් ගෝනිවල අසුරා තිබූ රුපියල් ලක්ෂ ගණනක මුදල් නෝට්ටු සොරාගෙන ගොස් තිබෙනවා.

අදාළ පඬුරු ගබඩාව පන්සලේ බස්නායක නිලමේවරයාගේ මන්දිරයේ කොටසක වන අතර එය යකඩ ආවරණයකින් ද ආවරණය කර ඇත.

කෙසේ වෙතත්, සොරුන්පඬුරු ගබඩාට  ඇතුළු වී ඇත්තේ වහලය, සිවිලිම සහ යකඩ දැල් ආවරණ බිඳ දමා බව අනාවරණය විය.

පොලිස් ස්ථානයක් සහ පැය 24 පුරා ක්‍රියාත්මක CCTV කැමරා 60ක් පසුබිම් කරගෙන මෙම සොරකම සිදුවී තිබීම විශේෂත්වයකි.

Share this: