දෙමළ සන්ධානයේ කිසිම කොන්දේසියකට යටත් වෙන්නේ නෑ – මහින්ද රාජපක්‍ෂ

දෙමළ සන්ධානයේ කිසිම කොන්දේසියකට යටත් වෙන්නේ නෑ – මහින්ද රාජපක්‍ෂ

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට තමන් සූදානම් නැතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය දෙපාර්ශ්වයකට කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි කීවත් එවැනි කිිසිදු කොන්දේසියක් තමන්ට නොලැබුණු බව පැවසූ රාජපක්‍ෂ මහතා එවැනි කොන්දේසි ලබාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ප‍්‍රකාශ කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බෙලිඅත්ත නගර මධ්‍යයේ ඊයේ (21) පැවැති ජනරැුලියකට එක් වෙමිනි.

සියල්ලටම වඩා ප‍්‍රමුඛතාව ලැබිය යුත්තේ රටට බව පැවසු රාජපක්‍ෂ මහතා රට බෙදන්නට කිසිවකුටත් ඉඩතැබිය නොහැකි බවත් උතුර සංවර්ධනය කළේ තම පාලන කාලයේදී බවත් පැවසූ රාජපක්‍ෂ මහතා වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ ඡුන්ද ලබාගැනීම හැර උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නැති බවත් කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චමල් රාජපක්‍ෂ, විමල් වීරවංශ, මහින්ද අමරවීර, නාමල් රාජපක්‍ෂ, ඞී. වී. චානක ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ.

Share this: