පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සගයෙකු ලෙස සැලකෙන 58 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් අඩංගු පැකට් 400ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා වන මලීෂගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පවත්වාගෙන යන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහු සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු සියල්ලම වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලිසියට භාරදී තිබෙනවා.
Share this: