දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක්වෙයි

දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක්වෙයි

එළැඹෙන ලෝක කුසලාන තරගමාලාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත්ව සිටි වේගපන්දු යවන ධම්මික ප්‍රසාද් ආබාධයකට ලක්වීම හේතුවෙන් වෙනත් ක්‍රීඩකයකු නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව ඊයේ ශ්‍රී ලංකාවට අනුමැතිය දුන්නේය.

මේ අනුව 23හැවිරිදි දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක්වීම සඳහා නවසීලන්තය බලා පිටත්වයාමට නියමිතය. පසුගිය මාසයේ නවසීලන්තයට එරෙහිව එක්දින තරග වරම් ලැබූ චමීර මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයකට පමණි. වෙලින්ටන් හි පැවැති එම තරගයේ දී ඔහු ලකුණු 60කට කඩුලු 2ක් දවාලීය.

Share this: