දුම්රිය ස්ථානාධිපතිවරුගේ තර්ජනය

දුම්රිය ස්ථානාධිපතිවරුගේ තර්ජනය

අඟහරුවාදා (මැයි 16) පැවැත්වීමට නියමිත ඔවුන්ගේ රැස්වීමෙන් පසු අමාත්‍යවරයා විසින් තම ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදුනහොත් සතියක වැඩ වර්ජනයක් දියත් කරන බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තර්ජනය කර ඇත.

වෙතත් මැයි 11 වැනිදා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සුමේධා සෝමරත්න කියා සිටියේ අදාළ සාකච්ඡාවේදී ඵලදායි විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

සෝමරත්න මැයි 10 වැනිදා දියත් කළ පැය 24ක වැඩවර්ජනය සාර්ථක බව සලකන අතර, “අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් දැන්වත් මැදිහත් වී ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දෙනු ඇතැයි තමා විශ්වාස කරන” බව පැවසීය.

Share this: