විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (25) පෙරවරුවේ කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියක් මඩකලපුව, ස්වයිස්ගම ප්‍රදේශයේදී අවහිර කළහ.
දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් තම ගම්මානයට ප්‍රවේශ වීමට අපහසු බව පවසමින් ගම්වාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.
පැය දෙකක පමණ කාලයක් දුම්රිය නතර කර තිබූ අතර, ඊට පෙර පිරිස විසින් දුම්රිය මාර්ගයේ අදාළ කොටසට ගල් අතුරා විරෝධතාවයේ නිරත විය.
Share this: