දිළිඳු ජනයා සමග නත්තල සැමරිය යුතු බව කාදිනල් හිමි පෙන්වා දෙයි!

දිළිඳු ජනයා සමග නත්තල සැමරිය යුතු බව කාදිනල් හිමි පෙන්වා දෙයි!

ධනයට හා බලයට ඇති කෑදරකම නිසා මිනිසුන් දුක් වේදනා විදින බව ජේසුස් වහන්සේ තේරුම් ගත් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී පැවැත්විණි.

මීට අමතරව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නත්තල් පණිවුඩයේ සඳහන් කළේ මෙවර නත්තල දිළිදුන් සමග සැමරිය යුතු බවයි.

නත්තල සැමරිය යුත්තේ අන් අයට උපකාර කරමින් බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ නත්තල් පණිවුඩයේ සඳහන් කරයි.

Share this: