වහාම ක්රියාත්මක වන පරිදි, දිස්ත්රික් ලේකම්වරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදි තිබේ.
රාජ්ය පරිපාලන අමාත්යංශය විසින් අදාළ ස්ථාන මාරුවිම් ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මාතලේ දිස්ත්රික් ලේකම් ලෙස කටයුතු කළ හෙලන් මීගස්මුල්ල මහත්මිය නුවරඑළිය දිස්ත්රික් ලේකම් ලෙසත්, නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙතත්, ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.
මීගස්මුල්ල මහත්මියගෙන් පුරප්පාඩු වන මාතලේ දිස්ත්රික් ලේකම් තනතුර සඳහා අම්පාර දිස්ත්රික් ලේකම් නීල් ද අල්විස් මහතා මාරුකර යවා ඇත.
තවද, පොළොන්නරුව දිස්ත්රික් ලේකම් ලෙස කටයුතු කළ නිමල් අබේසිරි මහතා බදුල්ල දිස්ත්රික් ලේකම්වරයා ලෙස මාරුකර යවා තිබේ.
Share this: