දිස්ත්‍රික්ක තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

බදුල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව, පහත සඳහන් ප්‍රදේශ සඳහා 1 මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
මාතර දිස්ත්‍රික්කය – කොටපොල සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවූ බැවින් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, කැපුම් කඩා වැටීම් සහ පොළව ගිලා බැසීමේ අවදානම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share this: