දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්

බදුල්ල, මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) (අප්‍රේල් 30) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ඒ අනුව ගංගාවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ ඒ අවට ප්‍රදේශවලට 1 මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
මහනුවර දිස්ත්‍රික්කය – උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවූ බැවින් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, කැපුම් කඩා වැටීම් සහ පොළව ගිලා බැසීමේ අවදානම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share this: