නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුදීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සිදුවනු ඇති බව වාර්තා වෙයි.
අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ පක්ෂ දෙකෙහි ලේකම්වරුන් අතර ඊයේ(24) පස්වරුවේ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
මේ වන විට අදාළ ගැටලු බොහෝ දුරට විසඳී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අද පස්වරුව වන විට ඒ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද ඔවුන්ට පවරණ විෂය සහ කාර්යය ද තීරණය කළ යුතු වෙයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ට නොවැඩි විය යුතු අතර කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40ට නොවැඩි විය යුතුය.
එහෙත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේ දී අමාත්‍යවරුන් සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබේ.